පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි 20  ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද සවස දිවයිනට පැමිණියහ.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළඹෙන 07 , 09 සහ 11 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ .

ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව , කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබුණි .