(නිමන්ති රණසිංහ)
හිටපු සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අල්ලස් චෝදනා දෙකකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(03) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම චෝදනා ගොනුකර ඇති බැවින් නඩුව ඉල්ලා අස්කරගැනීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

