ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 2000ක් අලුතින් හදනවා


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආසන්න වශයෙන් 10,000 ක ජන සංඛ්‍යාවකට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කරන බව කී අමාත්‍යවරයා දිවයින පුරා අලුතින් එවැනි මධ්‍යස්ථාන  මධ්‍යස්ථාන 2000 ක් අරඹන බව කීය.

පළමු ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන100 මෙම වසරේ ම පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.

ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය (Primary Healthcare Unit) විසින් මෙම පුහුණු  වැඩමුළුව සංවිධානය කර තිබුණි.