ප්‍රා.ස.අපේක්ෂකයා ගංජා සමඟ අල්ලයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයෙ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන අනුරාධපුර පාර සිරම්භිඅඩිය පදිංචි අයෙකු  බව පොලිසිය කියයි.

ලැබුණ තොරතුරක් මත අදාල ස්ථානය කරුවලගස්වැව පොලිසිය හා යුද හමුදාව එක්ව කළ වැටලිමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගත්  බව පොලිසිය කියයි.