(ඩී.කේ.රත්න)
කොළඹට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි දුරකථන අංකය(119) ට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු අද (14) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
බොරැල්ල කුරුප්පු මාවතේ පදිංචි, ඇල්ල නගරයේ හෝටලයක් පවත්වාගෙන යමින් සිටි, 57 හැවිරිදි මුස්ලිම් ජාතියෙකු ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 12 වන දින කොළඹ නගරයේ කිසියම් ස්ථානයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බවට වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි සිම්පතකින් මෙම පුද්ගලයා පොලිස් හදිසි දුරකථන අංකයට දුරකතන ඇමතුමක් දී ඇති බවත්, ඒ අනුව කළ පරීක්ෂණයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

