ප්‍රශ්නයට වගකිවයුත්තා කතානායකයි - කෙහෙලිය


චමිල් රුපසිංහ
 
පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා සිදුවූ සියල්ලට  කතානායකවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු ඊට එරෙහිව  ගත හැකි හැම පියවරක්ම ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක හිටපු මන්ත්‍රී කෙහෙලිය රුඹුක්වැල්ල මහතා පැවසීය.
 
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ අද මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
 
එහිදිදී අදහස් දැක්වු කෙහෙලිය රඹුක්වැල්ල මහත මෙසේ ද කීවේය.
 
‘‘එතුමා සමුපුර්ණ වැඩපිළිවෙලම අවුල් කළා.   එතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෛලා තමයි මේ විනාසය කරන්න ගියේ. එතුමා ගනුදෙනු කළේ යුරෝපා සංගමය,  ඇමරිකා  තානාපතිවරයා සහ   ජාත්‍යන්තරයත් එක්කයි.     
 
රට පවතින අර්බුද කාරිතත්වයෙන් රට බේරා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. මේ මැතිවරණයෙන් අපි නියත වශයෙන්ම ජය ගන්නවා.‘‘