ප්‍රවීණ හඬ නළු පීටර් කැලන් සමුගනී


අති දක්ෂ ප්‍රවීණ හඬ නළු පීටර් කැලන් දිවි ගමන අවසන් කළේය. පීටර් කැලන් චිත්‍රපට රැසක විවිධ චරිතවලට, කාටූන් කතාමාලාවලට හඬ කවා ඇත.

පීටර් කැලන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයේ ඔප්ටිමස් ප්‍රයිම්ට ගාම්භීර හඬක් ලබා දෙමිනි.

මිය යන විට පීටර් කැලන්ගේ වයස අවුරුදු 85 කි. ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේදී කැලන් අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි.