ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය කළොත් රුපියල් 10,000 ක්


(අංජුල මහික වීරරත්න)

හෙක්ටයාරයක් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියකුට රුපියල් 10000 ක මුදලක් දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පුද්ගලයින් සහ ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිළට ගැනීමටද වැඩපිළිවෙල සකස්කර අවසන් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සංස්ථා, මණ්ඩල සභාපතිවරු අධ්‍යක්ෂ ජනරාල්වරු යුද හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීහු සහභාගී වූහ.

මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක් පූර්ණ දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බව කී අමාත්‍යවරයා මෙි වන විටත් බොහෝ ආයතන කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.