ප්‍රධාන - කැලණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්


(යොහාන් භාසුර)

බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය.

මේ අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය දෝෂයක් හේතුවෙන් දුම්රිය කීපයක් කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා තැබීමට සිදුවූ බවත් එම තත්වය මේ වන විට පාලනය කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.