පළාත් පාලන පණත සංශෝධනය කරන්න යයි


(දයාසීලි ලියනගේ)

පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට හැකිවන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

වසර 30ක් පමණ පැරණි පළාත් පාලන ආයතන පණත වහා සංශෝධනය විය යුතුබව ප්‍රකාශ කරන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇත.

පළාත් පාලන කටයුතුවලට ජනතාවගේ සහභාගීත්වය වැඩි වශයෙන් ලබාගැනීමට ද මෙම සංශෝධනවලින් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මීට අමතවර පළාත් පාලන ආයතනවල සීමාව පුලුල් කිරීමක් ද නව සංශෝධන යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වේ.