
(යොහාන් භාසුර)
මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වල ලියාපදිංචි වාහනවලට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට එම පළාත්වල ලේකම්වරු තීරණය කර තිබේ.
මධ්‍යම සහ දකුණු පළාත්වල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.
ඒ අනුව පසුගිය මැයි මස 17 වැනිදා සිට මේ මස 30 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරයි.
ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන ජූලි මස 16 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.
එම කාලය තුළ කල්ඉකුත් වූ ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරයි.
අන්තර්ජාලය ඔස්සේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තව දුරටත් ක්‍රියාත්මක වේ.

