පළාත් කීපයකට අදත් වැසි


(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා පැවසීය.

උතුරු පළාතේ උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකි බව ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරුද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.