උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බත් ඒම දෙපර්තමේන්තුව කියයි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

