පහන්තුඩාව සිද්ධියට වෙනත් යුවලකගේ ඡායාරූප පළ කළ අය සොයා විමර්ශනයක්


(ඩයනා උදයංගනී සහ අංජුල මහික වීරරත්න)

පහන්තුඩාව සිද්ධියට සම්බන්ධ යුවල බව කියමින් වෙනත් යුවලකගේ ඡායාරූප සමාජ මාධ්‍යවලට නිකුත් කළ අය සොයා වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ සිද්ධියට සම්බන්ධ බව කියමින් තම ඡායාරූප පළ කර ඇති බවට තරුණ යුවලක් කර ඇති ප්‍රකාශ සැලකිල්ලට ගෙන ඇමතිවරයා මෙම පියවර ගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් වූ සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති අතර මෙම සිද්ධියෙන් වෙනත් යුවලක් අගතියකට පත්වී ඇත්නම් එසේ කිරීමට කටයුතු කළ අය සොයා මෙම විමර්ශනය සිදු කරන ලෙස ද ඇමති සරත් වීරසේකර මහතා උපදෙස් දී තිබේ.