
(සමන් පාලිත නානායක්කාර)
දිට්වා සුළි කුණාටුවෙන් ආපදා රැසක් සිදුවීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථානවල වයස අවුරුදු පහට අඩු දූදරුවන් 1, 168 දෙනෙකු (පිරිමි දරුවන් 565+ ගැහැණු දරුවන් 603) සිටින බවත් වයස අවුරුදු දහ අටට අඩු දූ දරුවන් 5259 ක් ( පිරිමි 2552+ගැහැණු 2707) සිටින බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
එසේම වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි අය 2284 ක් (පිරිමි 1000+ගැහැණු 1284) සිටින බවද සඳහන් කරයි.
මේ අය ඇතුළත් ව පවුල් 5745ක පුද්ගලයින් 17041 ක් දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 141ක මේ වන විට රඳවා සිටින බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
කෙසේ වෙතත් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක නාය යෑම් කිහිපයක් අද 10 දින තවදුරත් සක්‍රිය වෙමින් පවතින බැවින් මෙසේ සුරක්ෂිත මධ්‍යස්ථාන වලට යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

