පසුගිය මාස 11ට 497ක් දෙනකු මරාදාලා


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මේ  වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

එම ඝාතන වලින් සියයට 46ක් (ඝාතන 223ක්) සිදුවී ඇත්තේ වැඩි තැබීම්  සහ පහරදීම් නිසා බවද ඔහු  ප්‍රකාශ කළේය.