පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි


(ප්‍රසාද් රුක්මල් ) 

පස්සර පිටමාරුව  ප්‍රධාන මාර්ගයේ   රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද  (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍  හිට ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .

පවතින වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගයට ඉහල තේ වත්තේ පිහිටි පස්කන්දක් ගල්පර්වත කඩා වැටී ඇති බවත් මේ නිසාවෙන්  දැනට රථ වාහන පිටමාරුව කෙටි මාර්ගය හරහා ධාවනය වන බවද පොලිසිය සදහන් කළේය .

එම මාර්ගයේ  බරවාහන  ගමන් කිරිම අනතුරුදායක බවද පොලිසිය පැවසීය .

පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙ අවධානමක් තිබෙන බවත් , මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමට කටයුතු සිදු කරන බව මහියංගණ පලාත් මාර්ග ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සදහන් කළේය .