පස්කපන යන්ත්‍රයට යටවී සිසුවා මරුට


(ලක්මි කුඩලිගම)

අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි මතුගම නෑබඩ පාර දෙහිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවකු ස්කැවේටර් යන්ත්‍රයකට අසුවීමෙන් අද සවස මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය 8 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිවිනු සෙනුමිත විජේසුන්දර නැමති සිසුවෙකි,

මියගිය සිසුවාගේ දේහය හදිසි මරණ පරික්ෂණ කටයුතු සඳහා මතුගම වැත්තෑව රෝහලට ඇතුළත් කර තිබේ.

මතුගම මූලස්ථාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මේ පිළිබඳව පරික්ෂණ පවත්වති.