(අජන්ත කුමාර අගලකඩ)
උත්සව සමය වෙනුවෙන් , අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමටද ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ .
මෙම දීමනාව පවුල් ලක්ෂ තිස් එකකට පමණ ගෙවීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

