පවුල් ආරවුලකට බිරියගේ ගෙල කපා ඝාතනය කරලා


(ඩී.ජී.සුගතපාල සහ ජේ.කේ.එල්. චාමින්ද )

පවුල් ආරවුලක් හේතුවෙන් අංකොක්කාවල ප්‍ර දේශයේදී සැමියා විසින් අද (03) සවස  බිරිඳට පිහියෙන් ඇන ගෙල කපා  ඝාතනය කර ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 32හැවිරිදි කාන්තාවකි.

සැකකරු 36 හැවිරිදි  ත්‍රි රෝද රථ රියදුරෙකු වන අතර ඝාතනයෙන් පසු ඔහු නිවසින් පලාගොස් ඇත.
අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.