(නිමන්ති රණසිංහ)
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වව්නියාව පුවරසන්කුලම කටිපගපුරම් ප්‍රදේශයේ සැමියෙක් සිය බිරිඳ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වන 4 වන පටුමග කටිපගපුරම් ප්‍රදේශයේ කාන්තාවකි.
සැකකාර ස්වාමිපුරුෂයා වයස අවුරුදු හතළිස් හයක් වන අයකු වන අතර, පොලිසිය මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී සැකකාර සැමියා බිරිඳ තල්ලු කර ඇති බවත් එහිදී ඇය බිමට වැටී සිහිසුන් වී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
බිම වැටී සිහිසුන් වූ කාන්තාවගේ සිරුරට සැකකරු විසින් භූමිතෙල් දමා ගිනි තබනු ලැබ ඇතැයි ද වාර්තා වන බව පොලීසිය පවසයි.
සැකකරු, අද (15) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුවරසන්කුලම පොලිසිය සිදුකරනු ලබයි.

