(විනීතා එම් ගමගේ)
පවතින රටාව වෙනස් කරන්න මැතිවණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවකට සුදුසු පිරිස් පත් කර ගන්නැයි පාලකයින්ට අනුශාසනා කිරීමට මහා විහාරය ඇතුළු ත්‍රෛනිකායම තීරණය කොට ඇතැයි ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි නාහිමියෝ පැවැසූහ.
පවතින්නේ බල ලෝභය මුල් කරගත් අර්බුදයක් යැයි සියලූ දෙනාම වටහා ගත යුතු යැයි ද දැනට ඇති එකම විකල්පය මැතිවරණයකට යාම පමණක් බව ද උන්වහන්සේ කීහ.
නීති විශාරදයන් යැයි කියා ගන්නා පිරිස් ජනතා හදවත් පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව හැදු 19 වන ව්‍යවස්ථාව මේ අර්බුද සියල්ලට හේතු වූ බව ද එය රාජපක්ෂ පවුල මුල් කරගෙන සැකසූ එකක් බව පෙනී යන්නේ යැයි ද ධම්මානන්ද හිමියෝ පැවසූහ.
එම සංශෝධනය යම් ආකාරයකට විධායක බලතල ජනාධිපතිවරයා ගෙන් සූක්ෂම අයුරින් උදුරාගෙන පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්නට කටයුතු කර ඇතැයි ද 19 තම වාසියට අර්ථකතන දෙන අන්දම 33 වගන්තිය 62 වගන්තිය 70 වගන්තිය ඇතුළු වගන්ති තුළින් පෙනෙන බවත් යම් අවුල් සහගත තත්ත්වයක් ඇති කර ඇතැයි පෙනෙන බවත් උන් වහන්සේ කීහ.
අධිකරණ තීන්දුව ලැබෙන තුරු නොසිට කතානායක පාර්ලිමේන්තුව රැස්කළ අවස්ථාවේ කළ යුතුව තිබුණේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීම වුවත් 2015 සිටම ක්‍රියාත්මක බලවේගයක් විසින් එය වළක්වනු ලැබී යැයි ද ලේඛකාධිකාරී හිමිපාණෝ පැවැසූහ.
මූලධර්මවාදී අන්‍යාගමික බලවේග දේශපාලනයට අතපොවා ඇතැයි ද මේ නිසාම බුදුදහමට නිග්රහකිරීම සිදුවන්නේ යැයි ද කී ධම්මානන්ද හිමියෝ මෙහි මූලිකත්වය ගන්නේ ටී එන් ඒ මන්ත්‍රීවරු පමණකැයි ද පෙබරවාරි හතරවැනිදාට පෙර සෙංකෝලය මුල්ලකට ගෙන මයික් එකක් ගෙන අවශ්‍ය තීන්දු තීරණ ගන්නට ඔවුන් සූදානමින් සිටින්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
කෙසේ වෙතත් පවතින තත්ත්වය වැළැක්වීමට කතානායකවරයාට මූලික වගකීමක් පවතින්නේ යැයි ද පැවැසූහ.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටින බටහිර රටවල නියෝජිතයෝ උපවාස කරන තැන්වලත් පෙනී සිටින බවත් ඉන්දියාව චීනය හා මැද පෙරදිග රටවල් නිහඟව සිටීම ගැන සතුටක් පවතින බව ද උන්වහන්සේ කීහ.
දේශපාලන කඹ ඇදීම් තිබීම තුළින් සිදුවන්නේ රට ටිකෙන් ටික අගාධයට යාම යැයි ද ධම්මානන්ද හිමියෝ තව දුරටත් පැවසූහ.
මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි හිමියෝ මේ අදහස් දැක්වූයේ කොළඹ නෙළුම් පොකුණේ අද (30) පැවැති මහ සඟ සමුළුවට සහභාගි වෙමිනි.
එම සමුළුවට මල්වතු පාර්ශවය වෙනුවෙන් සහභාගි වූ වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියෝ ප්‍රකාශ කරන ලද්දේ 1948 න් පසු මෙවැනි ශෝචනීය ස්වරූපයක් නොදුටු බවය.
මේ අවස්ථාවේ රටට ආදරය නම් කළ යුතු එකම දේ නම් වහාම ඡන්දයක් පවැත්වීමට කටයුතු යෙදීම යැයි ද ජිනරතන හිමියෝ පැවැසූහ.
උසස්ම තීන්දුව වන්නේ ජනතාව ගන්නා තීන්දුව යැයි ද ඒ ස`දහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.
ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා අමරපුර මහ සංඝසභාවේ සභාපති හා අමරපුර චූලගන්ධි නිකායේ මහනායක හිමියෝ අදහස් දක්වමින් පැවසූයේ බුද්ධිමත් ලෝකය සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන තිබෙන බවය.
කාදිනල් තුමන් මෙන්ම කිර්තිමත් ක්‍රීඩක මුරලිදරන් පවා මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගත යුතුයැයි පවසා ඇති බවත් ව්‍යවස්ථාව අනතුරට ලක් කරමින් පාර්ලිමේන්තුව පවත්වමින් ඇමතිවරු නැති වැය ශීර්ෂ කපමින් කටයුතු කරන්නේ යැයි ද කීහ.
මෙයින් සිදුවන්නේ ව්‍යවස්ථාව පිළිබ`ද ඇති විශ්වාසය නැතිවීම යැයි කී අස්සජි හිමියෝ විධායකය අවුලක පැටලී ඒ දෙක දෙපැත්තට අදිමින් සිටින්නේ යැයි ද පැවැසූහ.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරි හෝ වැරදි විය යුතු නමුත් කෙනෙකුට හරියටත් කෙනෙකුට වැරදියටත් දෙවිදියකට පෙනෙන්නට නොහැකි යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
බහුතරය සෙවිය යුතු පාර්ලිමේන්තුවේ නොව ජනතාවගෙන් යැයි ද 113 ලෑස්තියි කියමින් යන්නේ නැතිව ඡන්දයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් හැදීම සිදුවිය යුතු යැයි ද අස්සජි හිමියෝ කීහ.
විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම හිටපු අගමැතිට රාජ්‍යයක් පිහිටුවීමට උපකාර කරන්නට යන බවට ආරංචියක් තමන් වහන්සේට ලැබුණේ යැයි පැවසූ උන්වහනසේ පාර්ලිමේන්තුව ඉදිරියට නොව ජනතාව ඉදිරියට යන්නැයි තමන් ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවැසූහ.
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියෝ අදහස් දක්වමින් පැවැසූයේ අනාගත රට ශක්තිමත් මට්ටමකට ගන්නට නම් වැඩිහිට පරපුර බුද්ධිමත් අයුරින් කටයුතු කළ යුතු යැයි පැවසූහ.
මේ යන ගමන ගියහොත් රටට මෙතැනින් එහාට ගමනක් ඇත්දැයි සැක හිතෙන්නේ යැයි ද උන්වහන්සේ පැවසූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට ස්ථාවර ගමනකට ගෙන ආ බවත් අනතරුව වැටුණු බවත් කී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතා රට ස්ථාවර තත්ත්වයකට ගෙන ආ පසු එය ද 2015 දි ආපස්සට ඇද දැමුණු බවත් පැවසූහ.
1978 දි ඇතිවූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එකී වචන අනුව ව්‍යවස්ව කටයුතු කළේ දැයි තමන්ට විමසිය යුතුව ඇතැයි කී පේ‍්‍රමරතන හිමියෝ මහජන ඡන්දයෙන් තේරී ආ බොහෝ දෙනා කළේ නමෙහි ඇති ප්රජාතන්ත්රවාදී යන වචනය මරා දැමීම නොවේ දැයි ප්‍රශ්න කළහ. අවුලෙන් අවුලට පත් නොකර මේ ප්රශ්නය වහා විසඳාගන්නැයි තමන් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ කීහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට ඔන්න මෙන්න කියා තිබිය දී එයින් රට බේරා ගන්නට ගත් පියවරක් ලෙස අගමැති වරයා වෙනස් කිරීම හඳුන්වා දිය යුතුව ඇතැයි ද එයින් රටට සිදුවන්නට තිබු හානියෙන් බේරුණු බව ද කීහ.
මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ සියලූ දෙනා එක්ව මැතිවරණයකට ගොස් ජනතා අභිප්‍රාය ජය ගැන්වීම යැයි ද අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
කැළණිය විශ්ව විද්‍යලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කරන ලද්දේ පවතින ප්රශ්නය සාමකාමිව විසඳාගන්නට වහාම ක්‍රියා කළ යුතු බවය. එහි දී වඩාත් ම උචිත යෝජනාව වන්නේ මැතිවරණයක් පවත්වා ජනතාවගේ අදහසට ප්‍රමුඛත්වය දීම යැයි ද එයින් ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
කොළඹ 7 ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ අදහස් දක්වමින් පැවැසූයේ රට විශාල ආක්‍රමණයකට අසුවී ඇති බවය. භික්ෂු කතිකාවත ඇති කරමින් ද ජතිවාදි ආගම්වාදි ජනත ගෙන එමින් ද භික්ෂු බලය දියකර හැරීමට පැවති රජය කටයුතු කළ බව උන්වහන්සේ කීහ.
මෙම සමුළුව අමතමින් බෙල්ලන්විල ධම්මරතන, බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමිපාණෝ ඉංග්‍රිසි භාෂාවෙන් අනුසාශනාවක් කළහ. සභාව පිළිගනිමින් අදහස් දක්වන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය මල්වානේ චන්දරතන හිමියන් විසිනි.
පුණ්‍යානුමෝදනාව කැලණිය විශ්ව විදයාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් විසින් සිදුකළහ.
සභාව මෙහෙයවනු ලැබුයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික වල්ගම චන්ද්‍රරතන හිමියන් විසිනි.
මහා සංඝ රත්නයේ අධිෂ්ඨාන ප්රකාශනය එහි දී ඉදිරිපත් කරනු ලැබිනි. එම ප්රකාශනය ඉදිරිපත් කරන ලද්දේ පැපිලියාන සුනේත්රාදේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගොම්බද්දල දමිත හිමියන් විසිනි.
ඡායාරූප - ළහිරු හර්ෂණ






