
ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.
ෂෙයික් හසීනා, උත්සාහ ගත්තේ, දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමටය. ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද පැවැසෙයි.
විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ගියේ සොහොයුරිය රෙහානා සමඟය. රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි.
(එන්.ඩී.ටීවී.)

