පල්ලෙ කැලෙන් රැඳවියෝ දෙන්නෙක් පැන යති


(ගයාන් සූරියආරච්චි)

පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ රදවා සිටි රැදවියන් දෙදෙනකු ඊයේ  (26) බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි.

මෙසේ පලාගොස් ඇත්තේ කොළඹ 5,  ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක පුද්ගලයකු සහ කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම රැදවියන් දෙදෙනා එම සිර කදවුරේ බේකරි අංශයේ සේවයේ යොදවා සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.