පලතුරු වෙළෙඳාම අත හැර කුඩු වෙළෙඳාමට බැස්ස අම්මයි පුතයි මාට්ටු


(රේඛා තරංගනී ෆොන්සේකා)

පලතුරු වෙලදාම අතහැර සංචරණ සීමා කාලයේදී කුඩු වෙළඳාමට බැස්ස බව කියන මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් දෙසිය හතලිහක් සමඟ අද අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.

ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කුඩු ජාවාරමට නවකයන් බව කියන මව, පුතුගේ කුඩු ව්‍යාපාරයට එම පවුලේ පියාද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරන පොලීසිය තමා වෙත එන පාරිභෝගිකයන්ට පහසුවන පරිදි සිය නිවසේදීම කුඩු අලෙවිසල පවත්වා ඇති බවද පැවසීය.

මෙම පවුලේ උදවිය මීට පෙර මොරටුව ප්‍රදේශයේ පලතුරු වෙළඳාමේ නිරත වූවන් බවත් සංචරණ සීමා හේතුවෙන් සිය රැකියාව අහිමි වූ බැවින් මෙම ව්‍යාපාරයට බැස්ස බවත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව පොලිසිය පැවසීය.

සැකකරු සහ සැකකාරිය මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් කල පොලිසිය මොවුන් අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.