(සුජිත් හේවාජුලිගේ)
පරිසරය විනාශ කරන හා පරිසරයට හානි කරන එකම පුද්ගලයා තමා බවට සමාජ මාධ්‍ය අද වන විට හදුන්වා දෙන බවත් විලාසිතාවක් වශයෙන් පරිසරය ගැන අදහස් පළ නොකොට ඒ සම්බන්ධයෙන් තම වගකීම් ඉටු කරන්නැයි එසේ කතා කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා පැවැසීය.
මෙරට ගංගා 103ක් සංරකෂණය කෙරෙන ‘සුරකිමු ගංගා‘ ජාතික වැඩසටහන ආරම්භ කරමින් කතරගම ඓතිහාසික පුජා භූමියේ මැණික් නදිය අසළදී ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා එසේ පැවසීය.
පරිසර දුෂණය ගැන අද න විට සියලු දෙනාගේ සාකච්ඡාවට භාජනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

