(විනීතා එම් ගමගේ)
කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ විසින් නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිෂ්පාදනයට සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබියදීත් එම අධිකාරිය එකී පරිසර හිතකාමි නිෂ්පාදනය තහනමට ලක්කොට ඇත.
එම නිෂ්පාදනය පුළුල් කිරීමට අවශය උපකාර කරන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබු අතර අවශ්‍ය වුවහොත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දෙන බව දන්වා තිබිණි.
එසේ තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවතින පොලිතින් ප්ලාස්ටික් තහනමට මුවාවී මෙම පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිපදවීම ද තහනම් කර ඇත.
විදුෂි තරුෂිකා නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් එකක් මාස හයක් පමණ භාවිතා කළ හැකි බැවින් දැනට එක් වරක් පමණක් භාවිතා කර ඉවත ලන ලන්ච් ෂීට් සඳහා එය ඉතා අනර්ඝ විසඳුමක් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙසේ එම නිෂ්පාදනය තහනමට ලක් කර ඇත්තේ ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හා දේශිය හා විදේශිය වෙළඳපොල අවස්ථා ලබා ගැනීමට ඇයට අවශ්‍ය සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අධිකාරියට උපදෙස් ලබා දී තිබිය දීය.
මේ වනවිටත් රටවල් හයකින් ඇගේ නිෂ්පාදනය අගය කර ඇති අතර දේශීය විදේශිය ආයතන රාශියක් ඇයට සහය දීමට ද කටයුතු කරමින් සිටියදී මෙම තහනම සිදුව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනපතා පරිසරයට මුදා හැරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය ලක්ෂයකට අධික බව ගණන් බලා ඇති අතර ඇය නිපදවූ ලන්ච් ෂීට් ජනප්‍රිය කළේ නම් එම ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.
විදුෂිකා මෙම නිෂ්පාදනය එළි දැක්වූයේ 2017 වසරේ පොලිතින් ප්ලාස්ටික් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් වූ අවස්ථාවේ දී වන අතර, ඒ වෙනුවෙන් ඇය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ද ප්‍රසංසාවට ලක්වූවාය.

