
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැති බවත් ජනතාව පැතු දේශය ගොඩනැගීමෙහි ලා රාජ්‍ය නිලධාරින් ගනුලබන ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් රජය පෙනීසිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය
2025 අයවැය මඟින් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වෙන් වී ඇති මොහොතක එම ප්‍රතිපාදන ඵලදායි ලෙස ජනතාවගේ අවශ්‍යතා සදහා උපයෝගී කරගැනීමේ දී එය සාමූහික වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළේය.
ජනතාව අපේක්ෂා කරන නව වෙනසට ළඟා වීමට නම්, අනිවාර්යයෙන් ම ප්‍රතිපාදන වියදම් කළ යුත්තේ කවර ව්‍යාපෘති සඳහා ද, එම යෙදවීම කොතෙක් දුරට ඵලදායිද, ඒවා අපේක්ෂිත කාර්යය සාධන මට්ටමට පැමිණිය හැකි ව්‍යාපෘති ද යන්න ආදිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය

