පරිප්පු-ටින් මාලු උපරිම සිල්ලර මිල ඉවතට


(මහින්ද නිශ්ශංක)

පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් 30 වැනිදා සිට ඉවත් කර තිබේ.

පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65කද, ග්‍රෑම් 425ක මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වශයෙන්ද ඉකුත් මාර්තු 17 වැනිදා සිට ගැසට් නිවේදනයක් මගින් නියම කර තිබේ.