(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ පනහක් වටිනා නවීනතම ජංගම දුරකථන , ටැබ් පරිගණක , රූපලාවන්‍ය ආලේපන සහ දුම්වැටි සහ ගංජා ඔතන කඩදාසි තොගයක් රැගත් ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද(12 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටින්නන් වන අතර ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා 32 හැවිරිදිය . කාන්තාව 45 හැවිරිදිය . ඔවුන් දෙදෙනා ඊයේ අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ නවීනතම ජංගම දුරකථන 132 ක් , ටැබ් පරිගණක 14 ක් , දුම්වැටි සහ ගංජා එතීම සදහා භාවිතා කරන කඩදාසි අඩංගු පෙට්ටි 1,700 ක් සහ රූපලාවන්‍ය ආලේපන විශාල තොගයක් ද සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
රේගු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .