
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන පන්නිපටිය ධර්මපාල විදුහලේ සහ මාතර රාහුල විදුහලේ ආදි සිසුන් අතර දෙවැනි වාර්ෂික විස්සයි20 තරගයෙන් ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ධර්මපාල විදුහලේ ආදි සිසුවෝ පැවැති තරග දෙකම ජය ලැබීමට සමත් වීම කැපී පෙනුණි. මෙම තරගය පසුගියදා සාජාහි ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී ධර්මපාල විදුහල වෙනුවෙන් දක්‍ෂ දැක්වූ ශාලුක කඳනාරච්චි පන්දු 26 කින් ලකුණු 54 ක් රැස්කළ අතර යොහාන් ධනුෂ්ක ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායමේ යොහාන් ධනුෂ්ක තරගයේ වීරයා ලෙස ද, ශාලුක කඳනාරච්චි දක්‍ෂතම පිතිකරු ලෙස ද, රාහුල විදුහලේ චතුර පලිහක්කාර දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.
රාහුල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම ඕවර 18.4 කදී 109 (චතුර පලිහක්කාර 34, මනෝජ් ඔෂඳ 15, චතුම් දිනාල් 12, යොහාන් ධනුෂ්ක 10/4, මිලින්ද මාධව 13/2) ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම ඕවර 15 කදී කඩුලු 1 ට 110 (ශාලුක කඳනාරච්චි 54, පන්චන රහල් 16, රවීන්ද්‍ර ගුණරත්න 12, සමන් කුමාර 25/1)

