පනත් දෙකකට කතානායකගේ සහතිකය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විසර්ජන සංශෝධන සහ  ආගාමික සහ විගාමික පනත් කෙටුම්පතවලට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙම අත්සන සහතික කර ඇත්තේ  ඊයේ දිනයේදීය.

මේ අනුව එදින සිට මෙම පනත්  බලාත්මක වනු ඇත.

මෙම පනත්  කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය