
(පියදාස සමරවීර, හේමන්ත රණසූරිය සහ සිඩිනි රැවන්)
පදවිය වැව පිටාගැලීමත් සමග පරාක්‍රමපුර - බෝගස්වැව මාර්ගයේ කම්බිලිවැව සහ වැලිඇළ සපත්තු පාලම් දෙක සත් තුනක් තිස්සේ ජලයෙන් යටවීම නිසා එහි ජිවත්වන 5000 ආසන්න ජනතාව සහ පාසල් දරුවන් 200ක් පමණ කොටු වී ඇතැයි වාර්තා වේ.
සති තුනක කාලයක සිට මෙම සපත්තු පාලම අඩි 15ක පමණ මහා ජල කඳකින් යටවී ඇත. ඒ හේතුවෙන් ගම්මාන රැසකදරුවන්ට පාසල් යන්නටත්, ගම්වාසීන්ට සිය අවශ්‍යතා වෙනුවෙන් නගරයට යන්නවත් බාධා එල්ල වී තිබේ.
කම්බිලි වැව, වෙහෙර තැන්න,කොහොම ගස්කඩ, කෝන් වැව ඇතුලු ගම්මාන රැසක ජනතාවගේ සුව දුක් විමසීමට (17) දින උතුරු හුරුලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සහ පරාක්‍රමපුර චේතියගිරි රජමහා විහාරයේ විහාරාධිපති කුඩා හමිමල්ලෑවේ වනරතන හිමියන් වැඩම කළහ.
පදවිය ප්‍රාථමික විදුහල, බුද්ධංගල ප්‍රාථමික විදුහල, බුද්ධංගල ජාතික පාසල, පරාක්‍රමපුර මැදි විදුහල, සහ ඇලි කිඹුලාගල විදුහල යන විදුහල්වල විදුහල්පතිවරුන්ද, පදවිය වැවේ වාන් වතුරට මෙම පාර යට වීම නිසා, පාසල් දරුවන්ට පාසල් පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව තහවුරැ කලහ.
යුද හමුදාව සහ නාවික හමුදාව ගම්වාසීන්ට අවශ්‍ය පහසුකම් සලසති.




