
(උපාලි ආනන්ද, හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
පදවිය වැවෙි වාන් දොරටුවට අධිබලැති ජැක් ගසා හොරෙන් ජලය ලබා ගත් බව කියන ව්‍යාපාරිකයා ඇතුළු සියලු සැකකරුවන් මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටී සැකකරුවන් අධිකරණය ලබාදී තිබු නියෝගයකට අනුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයකු ඩබ්ලිව්. ඒ. මයුර ප්‍රදීප් මධුසංඛ, .ඩබ්ලිව්. ඩී. උපාලි කුමාරතුංග සහ එන්. ඩී. ටී. කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.
මෙහිදී පදවිය පොලීසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපොළ පනත යටතේ බව අධිකරණයට ප්‍රකාශ කළ පොලීසිය පෙර ලබාදී ඇති ඇප අවලංගු කර සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙසද ඉල්ලා සිටියේය.

