(හර්ෂණ තුෂාර සිල්වා)
පාකිස්තානය කිසිදු අවස්ථාවක කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට සහාය නොදක්වන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා කොළඹ දී අද (25) පැවැසීය.
පාකිස්තානය සෑම අවස්ථාවකදීම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම සූදානම් සහ විවෘත යැයි ද මහ කොමසාරිස්වරයා කීවේය.
පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයකදී මහ කොමසාරිස් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා එම කරුණු සඳහන් කළේය.
පාකිස්තානය කලාපීය මෙන්ම ගෝලීය සහයෝගීතාව සඳහා කැප වී සිටින බව ද ඔහු පැවැසීය.
පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත්, අමාත්‍ය රවුෆ් හකීම් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එක්ව කේක් ගෙඩියක් කැපූහ.
කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් රවුෆ් හකීම් සහ අර්ජුන රණතුංග, පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.






