(විමුක්ති එස් රුද්‍රිගු)
පකිස්තානයේ 78 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සමරු උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ දී පෙරේදා (14) පැවැත්විණි.
පාකිස්තාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර එයට පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්, පාකිස්තාන ප්‍රජාව, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් සහභාගී වූහ.
එහිදී පැමිණ සිටි පිරිස අමතමින් පාකිස්තාන මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දෙරට අතර බැඳීමට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බවයි. එසේම දෙරට අතර ශක්තිමත් දේශපාලනික, සංස්කෘතික සහ ආරක්ෂක සබඳතාවක් තිබෙන බවත් එම සම්බන්ධතා තවදුරටත් අඛණ්ඩව වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය

