පක්ෂ ලේකම්වරු මැතිවරණ නිරීක්ෂකයෝ අද කොමිසමට


(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11) කැඳවනු ලැබ සිටිති.

එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.