පක්ෂ නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසමට


(රංජන් කස්තුරි)
 
විශේෂ සාකච්ඡාවක් සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට(11) පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
 
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් එලෙස කැඳවා තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවද පැවසේ.