(ඉන්දිකා රාමනායක)
මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ දී නියෝජ්‍ය පොලිස්පති ටී.පී ගම්ලත් මහතාට සහ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට ඉකුත් මැයි මස (9) දින පහර දී ඔවුන් ගමන් ගත් මොටර් රථවලට පහර දී ගිනි තැබීම සහ පොලිස් අධිකාරිවරයා සතුව තිබු රාජකාරි ගිනි අවිය පැහැරගත් ගැනීම සම්බන්ධයෙන් සමග 31 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුම මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මැයි මස 09 දින පංචිකාවත්ත මන්සන්ධියේ ඇති වු කළහාකාරි සිද්ධියක් අතරතුර එම මාර්ගයේ ගමන් ගත් නියොජ්‍ය පොලිස්පතිවරයාට හා පොලිස් අධිකාරිවරයාට ඔවුන්ගේ නිළ රථ පැදවු පොලිස් කොස්තාපල් රියදුරන්ට පහර දී, එම වාහන පැහැරගෙන ගොස් ඒවායේ අමතර කොටස් ගලවා , එම වාහන වලට ගිනි තැබීම සදහා මෙම සැකකරු ඇතුලු කණ්ඩායමක් සහභාගි වී ඇති බව පොලිසිය පවසයි.
පොදු දේපළ පනත දණ්ඩනීති සංග්‍රහ හා තුවක්කු ආඥාපතන යටතේ නීති මගින් කටයුතු කරන බවද පවසයි.
මීට පෙරද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් අධිකාරිවරයාගේ නිළ රථයෙන් ගලවාගත් කොටසක් එක් සැකකරුවෙක් බාරයේ තිබී සොයාගෙන ඇත.

