නොවැම්බර් 4 සිට ශ්‍රී ලංකාව - රුසියාව අතර සෘජු ගුවන් සබඳතා


( තිළිණි ද සිල්වා )

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය ලබන නොවැම්බර් 4 වැනිදා සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගමේ හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර අද පෙරවරුවේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි එරෝෆ්ලොට් ගුවන් සමාගම් මූලස්ථානයේදී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගමසැප්තැම්බර් පළමුවැනිදා සිටශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව එය කල් දමා තිබිණි.අද පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය අනුවඅනුව එළැඹෙන නොවැම්බර් 4 වැනිදා සිටරුසියාව හා ශ්‍රි ලංකාව අතරඑම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කෙරිනි.

මුල් අවධියේදී රුසියාවේ සිට සතියකට ගුවන්ගමන්වාර දෙක බැගින් මෙරටට පැමිණීමට ද එම සාකච්ඡාවලදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වූ අතර රටේ සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ එරොෆ්ලොට් ගුවන් සමාගමේනිලධාරීන් අගය කළේය.

එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව අනාගතයේදීසෞඛ්‍යාරක්ෂිතගමනාන්තයක් ලෙසත් ශ්‍රී ලංකාව හදුන්වාදිය හැකි බවඔවුහු සදහන් කළහ.

මේ වන විට මෙරට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ අතර ගුවන් යානයක පැමිණිය හැකි පුද්ගලයින් ප්‍රමාණය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳවද සාකච්ඡා විය.

සංචාරකයින් සඳහා එවැනි සීමාවක් නැති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධන කිරීමේ අරමුනැතිව ලොව පුරා ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශයකටයුතු යොදා ඇත.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡා පැවැත්වෙන අතරරුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ පැවති මෙම සාකච්ඡාව එම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ මූලාරම්භයයි.

පසුගිය කාලය තුළ රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ධනය වී ඇති අතර නොවැම්බර් 4 වෙනිදා සිට සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව රුසියානු සංචාරකයින්ගේ පැමිණීම මීට වඩා වර්ධනය විය හැකි බවට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරයි.

මෙම සාකච්ඡා සඳහා එරොෆ්ලොට් ගුවන් සමාගම නියෝජනය කරමින් ඊගෝර් චෙරන්ස්ශිව් , ඉවොන් බාටනොව් ,අන්තෝන් යගොව්ස්නටලා ටිමොසෝව යන මහත්වරුන් සහ සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ අමාත්‍යාංශ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ උපදේශක සම්බන්ධීකාරක නිමේශ් හේරත් යන මහත්වරුන් සහභාගී වූහ.