නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි යන්ත්‍රය බිඳවැටේ


(යොහාන් භාසුර)

නොරොච්චෝලේ බලාගාරයේ 3 වැනි විදුලි ජනන යන්ත්‍රය අද (19) පෙරවරුවේ බිඳවැටුණු බවත් එම යන්ත්‍රය ලබන මස (අප්‍රේල්) අලුත්වැඩියාවක් කිරීමට නියමිතව තිබූ බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යන්ත්‍රයෙන් ජනනය කළ විදුලි ප්‍රමාණය ලබාගැනීම සදඟා විදුලිබල මණ්ඩලය සතු ඉන්ධන බලාගාර යොදාගෙන අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කරන බව කී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ එම බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් නොකරන බවත්ය.