
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව කළුතර උතුර දුම්රිය ස්ථානා අතර පිහිටා ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට කිසියම් පුද්ගලයකු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් ප්‍රවේශපත්‍ර කවුළුව ආවරණය සදහා යොදා ඇති වීදුරුව බිදී ඇති අතර , දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති මල් පෝච්චියක්ද බිදී පෙරලී ඇති අයුරුද දැකගත හැකිවිය .
දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පමණක් රාජකාරි යෙදී සිටින නමුත් එහි ඉබි යතුරු ලා වසා තැබීම හේතුවෙන් වැඩිදුර තොරතුරු ලබාගැනිමට නොහැකිවිය.

