නොකොටික් නිලධාරීන්ගේ සල්ලි කොල්ලකන්න ගිිහින් වැඩවරදී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සන්තකයේ තිබූ  රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කිඳෙල්පිටිය බදු විල පාරෙදි  කොල්ල කෑමට තැත් කළ සිව් දෙනෙකු යුත් කල්ලියක් අහසට වෙඩි තබා මෙල්ල  කර එයින් එක් පුද්ගලයෙකු  අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත් වී ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු සිවිල් ආරක්ෂක සෙබලෙක් බව පොලීසිය සඳහන් කරයි.

 සැකකරු පැමිණි බව කියන යතුරු පැදියක් සහ සැකකරු සන්තකයේ තිබූ මන්නා පිහියක් ද පොලිස් බාරයට ගෙන ඇත

රුපියල් ලක්ෂ තිස් පහකට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයන බවට ගාල්ල බූස්ස  හමුදා නිලධාරීන්ට ලද තොරතුරක්  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත ලබා දීමෙන් අනතුරුව අනුව  මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි අවස්ථාවේදී  සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි

එම තොරතුරු ලබාදුන් බුද්ධි නිලධාරීන් මෝටර් රථයකින් පැමිණ ඇති අතර වැට ලිම සඳහා පැමිණි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් වෑන් රථයකින් පැමිණ ඇත

මද වේලාවක දී යතුරුපැදි දෙකකින් එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් අයෙකු  නිලධාරියෙක් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 කොල්ල කෑමට තැත් කර ඇති අතර ඒ සමග ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි තබා
පිරිස මෙල්ල කිරීමත් සමගම තිදෙනෙකු යතුරුපැදියක නැගී පලාගිය බව පොලිසිය සඳහන් කරයි 

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය  භාවිතයට ඇබ්බැහි වූවෙකු  වන අතර වැල්මිල්ල මෛත්‍රී මාවත පදිංචි අවුරුදු 38  ක පුද්ගලයෙකි .

සැකකරු සමඟ පැමිණි අනෙක් පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි  පානදුර කොට්ඨාසයේ වැඩබලන  පොලිස් අධිකාරි
නිශාන්ත  සේනාරත්න මහතා පැවසීය

සැකකරු බණ්ඩාරගම පොලීසිය වෙත භාරදී ඇත.