( ඩී.ජී.සුගතපාල)
නෙළුව රෝහලට ඇතුළුවන සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවිමෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගින් ගුවන් මගින් උඩුගම රෝහල ට මාරු කිරිමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අමිල චන්ද්‍රසිරි මහතා පැවසිය.
මේ වනවිට උඩුගම රෝහලටද ගිලන් රථ යාමට නොහැකි නිසා මව්වරුන් සහ රෝගින් හෙලිකොප්ටර් යොදා ගුවනින් ගෙන ඒමට කටයුතු කරන බවද ඒ මහතා පැවසිය.
මේ අතර ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ල්කම් චමි රාජකරුණා මහත්මිය පැවසුවේ අධික වැසි සමග ගිංගඟ පිටාර ගැලිම නිසා තවලම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදහන්ව ඇති බවයි.
තවලම,නෙළුව, උඩුගම,හිනිදුම ආදි ප්‍රදේශවල පිඩාවට පත් ජනතාව බේරා ගැනිමට යුධ හමුදාවේ සහ .නාවික හමුදාවේ සහන සේවා කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂිත උපකරණද සමග ඊයේ එම ප්‍රදේශවලට පිටත්කර යැවු බවද ඒ මහත්මිය පැවසුවාය.
ඒ අනුව සහන සේවා කණ්ඩායම් ගංවතුරෙන් යටවු ප්‍රදේශවලට ගොස් පිඩාවට පත්වු පිරිස් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට පියවර ගන්නා ලදි.

