
(ගයාන් සූරියආරච්චි සහ ආරියරත්න රණබාහු)
කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට ඊ සහභාගිවූ විදේශ ජාතිකයකු පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීමෙන් පිම්ම වැරදී නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි ඇමෙරිකන් ජාතික පුද්ගලයකු බව පොලිසිය පවසයි.
බේස් පැනීමේ ඉසව්ව ඊයේ (12) නෙළුම් කුළුණේදී ආරම්භ කෙරුණු අතර අද (13) දිනයේද එම ඉසව්ව පැවැත්වුණු බව පොලිසිය පවසයි.
එහිදී තුවාල ලැබූ ඇමෙරිකන් ජාතිකයා නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට සහභාගිවී තිබූ අතර ඒ අතරවාරයේදී පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීම හේතුවෙන් බිමට පතිතවීමේ ඉලක්කය වැරදී නෙළුම් කුළුණ පහළ කොටසේ එම ක්‍රීඩකයා වැදීමෙන් පාදවලට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.
බේස් පැනීමේ ඉසව්ව අද (14) දිනයේත් පැවැත්වීමට නියමිතය.

