නු⁣ගේගොඩ කොට්ඨාසයේ


(ළහිරු හර්ෂණ)

නු⁣ගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 307 ක් වෙනුවෙන් ස්ථාපිත මහජන ආරක්ෂක කමිටු නියෝජනය කෙරෙන ප්‍රජා ඒකක 97 ක පොලිස් රාජකාරීන්  ප්‍රජා පොලිස්කරණය තුලින් ඉටුකිරීමේ ආරම්භක උත්සවය අද (14) මහරගම යොවුන් රගහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සංවිධානත්වයෙන් පැවැත්විණි .

ඒ අනුව නුගේගොඩ කොට්ඨාසයේ පදිංචි ජනතාවගේ විවිධ අවශ්‍යතා ⁣ප්‍රජා පොලිස් ඒකක නිලධාරීන් මගින් ඉටුකිරීම සිදුවන අතර ඒ සදහා නව පාපැදි 97 ක් නිලධාරීන් වෙත බෙදා දීමත් , විවිධ රෝගාබාධයන්ට ලක්ව ප්‍රතිකාර ලබන බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 88 දෙනෙක්ගේ චිත්ත ධෛර්යය වඩවාලීම අරමුණු කරගනිමින් වියලි ආහාර පාර්සල් බෙදාදීමත් එහිදී සිදුකෙරුනි .

මෙම අවස්ථාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් , ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , පොලිස් නිලධාරීන් , මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් රැසක් සහභාගී විය.