
(අංජුල මහික වීරරත්න)
ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත්, කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට මෙන්ම එම දුෂ්කරතාවලට කඩිනමින් විසඳුම් ලබාදීමෙි අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණක නිරත විය.
ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නව රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයට සිදුව ඇති හානි සහ අවදානම් තත්ත්වය පිළිබඳවත්, අවදානමට ලක් වූ පැරණි රෝහලේ මාතෘ හා ළමා ඒකකය, පිළිකා සහ අනෙකුත් සායන ඒකක , ජල ගැලීම්, නායයෑම් සහ පස් කඩාවැටීම් හේතුවෙන් මහල් 04 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඇතුළුව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද නිලනිවාස 08 ක් පත්ව ඇති අවදානම මෙන්ම සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති නේවාසිකාගාර පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අවදානය යොමු කළේය.
මෙම නිරීක්ෂණ අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ව්‍යූහාත්මක ඉංජිනේරුවරුද සහභාගී වූහ.
ආපදා තත්ත්වය හමුවෙි නේවාසිකව සිටි රෝහල් කාර්ය මණ්ඩල මුහුණදෙන නේවාසික ගැටළුවට ඉදිරියේ දී කඩිනම් විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කීය.




