(ගයාන් සූරිය ආරච්චි)
නේපාලයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ශාමන්ද සිල්වා නොහොත් නුගේගොඩ බබී නැමැත්තාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත නුගේගොඩ ජම්බු ගස් මුල්ල මාවත ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ ජීව අත් බෝම්බයක් සහ උණ්ඩ දහයක් සොයා ගත්බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු විදේශගත වීමට ප්‍රථම එම ජීවත් බෝම්බය සහ උණ්ඩ තොගය එම ඉඩමේ පිහිටි දෙල් ගසක් යට වලදමා විදේශගතවී ඇතිි බවට තොරතුරු අනාවරණය වී තිබුණි.
එම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර ඇති අතර බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩි තුවක්කු මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජානක කුමාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු සිදුකරති.

