
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි දෙකක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 06 ක් තුළ මෙම ජංගම දුරකථන 165 ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 102 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ජංගම දුරකථන මෙරටට ආනයනය කිරීම සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරයක් තිබිය යුතු අතර කරදමුංගු ආනයනය කිරීම සදහා ද එරට සහ මෙරට ආයතන රාශියකින්ම අවසර ලබා ගත යුතුය .

