(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද (10 )අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා ඩුබායි හි ගෘහ සේවය සදහා ගොස් ඇති අතර , එහිදී ඔවුන්ට එම රැකියා අවස්ථා නොලැබී , තවදුරටත් එරට රැදී සිටියදී , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් , තාවකාලික ගමන් බලපත්‍ර යටතේ මොවුන් දෙදෙනා ආපසු ශ්‍රී ලංකාව වෙත එවා තිබේ .ෙ ඔවුන් එසේ පැමිණෙන අතරතුර මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් , තම ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
මොවුන් දෙදෙනා අතරින් එක් කාන්තාවක් 33 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.